PayPal ලංකාවට ගේන්න හිටපු අය අන්තර්ජාල වෙළඳාම් සදහා නීති ගේන්න යයි

0
83
Internet Money Dollar Earn Money Network

විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකරන බවට පළවන කටකථාඅසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

මේ වනවිට ඩොලර් විනිමය සම්බන්ධයෙන් මහ බැංකුව ස්ථාවර අනුපාතයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, පෞද්ගලික විදේශ මුදල් හුවමාරු කරන ආයතන මගින් ඒ සඳහා ඉහළ අනුපාතයක් ගෙවනු ලැබුවා.

කෙසේ නමුත් ඊට එරෙහිව නීති දැඩි කිරීමෙන් අනතුරුව පෞද්ගලික ආයතනද මහ බැංකු අනුපාතය අනුගමනය කරනවා.

මහ බැංකුව ඩොලරය සඳහා රුපියල් 203 ක පමණ ස්ථාවර අනුපාතයක් පවත්වාගෙන යනු ලබන අතර, ඒ සඳහා පෞද්ගලික අංශ මගින් රුපියල් 240 ක පමණ මුදලක් ගෙවනු ලැබුවා.

එහෙත් මහ බැංකුව විසින් අවධාරණය කිරීමෙන් පසු ඔවුන් එම අනුපාත ගෙවීම නතර කර තිබෙනවා. මහ බැංකුව මගින් ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් සඳහා රුපියල් 210 බැගින් වැඩි අනුපාතයක් ගෙවන බවද සදහන්.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ වෙළඳාම් කටයුතු සිදුකිරීමේදී පවතින වාණිජ නීති ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

ඔන්ලයින් වෙළඳාම් සිදුකරන ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් යන දෙපාර්ශවයම අයිතීන් සුරක්ෂිත වන අයුරින් මෙම නව නීති හඳුන්වා දෙනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

මීට අදාළව අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අන්තර්ජාල වෙළඳාම් සම්බන්ධයෙන් මුහුණදෙන ගැටලු සහ ශක්තිමත් නීති රාමුවක අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

ඊට අදාළව සිදුකර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යයනය කරමින් නව නීති හඳුන්වාදීම සහ සංශෝධනය කිරීම සිදුකළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවේදි අවධානය යොමුව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලී සබ්රි, ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු නිලධාරින් මෙන්ම ඔන්ලයින් වෙළඳාම සිදුකරන ආයතන කිහිපයක නියෝජිතයන් ද ඊට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here