වැලිගම වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මිය යයි

0
58

වැලිගම – මිදිගම – තුර්කි ගම්මානයේ පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 46 හැවිරිදි මොහු වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව බරපතල තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයාට එරෙහිව මාතර අධිකරණයේ නඩු කටයුත්තක් පවතින අතර, ඊයේ උදෑසන ද ඔහු ඒ සඳහා සහභාගිවී තිබෙනවා.

ඉන් පසු තවත් පුද්ගලයෙකුද සමඟ ඔහු යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අතර, ඒ සමඟම පැමිණි කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකුගේ විවාහ උත්සවය ඊයේ කැළණිය ප්‍රදේශයේදී පැවති අතර, ඒ සඳහා ඔහුගේ බිරිඳ සහ දරුවන් මෙන්ම ඥාතීන් පිරිසක් සහභාගි වෙමින් සිටින අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම සහ වැලිගම පොලිසි එක්ව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here