ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර 03 වන සහ අවසන් එක්දින තරඟය අද

0
86

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර 03 වන සහ අවසන් එක්දින තරඟය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය දෙපිලටම තීරණාත්මක වන්නේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන්.

අද තරගයේදී දඟ පන්දු යවන, තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන, රමේෂ් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කරනු ඇතැයි විචාරකයන් මත පලකරනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදීද එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් එක්දින තරග හතෙන් හතරක් ජයගෙන තිබෙනවා.

මීළඟ පන්දු වාර පනහේ ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීම සඳහා අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු ලබාගැනීමට කණ්ඩායම් දෙකම අද දැඩි උත්සහයක නිරත වීමට සිදුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here