නව වගකීමත් සමගින් ලසිත් මාලිංග යළි පිටියට

0
95

ලබන මස ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශ කෙරුණා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමි වෙද්දී උපනායකත්වය සඳහා පත් කර ඇත්තේ චරිත් අසලංකයි.

තරග තහනමකට පසු නැවත ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වීමට ධනුෂ්ක ගුණතිලකට අවස්ථාවක් හිමි වෙන අතර නවක ක්‍රීඩකයින් වන ජනිත් ලියනගේ,කමිල් මිශාර සහ නුවන් තුශාර ද මෙම සංචිතය සදහා කැදවා තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර උපනායක ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වාට ,භානුක රාජපක්ෂට සහ කුසල් ජනිත් පෙරේරාට මෙම සංචිතයේ ස්ථානයක් හිමි වී නොතිබීමත් කැපීපෙනේනවා..

මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශකවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගව පත් පත්කර්ර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ මාලිංග එළඹෙන ඕස්ට්‍රේලියානු සංචරයේ සිට විශේෂඥ පුහුණුකරු ලෙස සිය සේවය කෙටිකාලීන පදනම මත ආරම්භ කරන බවයි.

මෙම තරග සංචාරයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කිරීමට නියමිතයි.

කොවිඩ් ආසාදනය වී සිටින රුමේෂ් රත්නායක ලබන මස 11 වැනිදා දෙරට අතර පැවැත්වීමට සැලසුම් කර ඇති පළමු පන්දුවාර 20 තරගයට පෙර කණ්ඩායම සමගින් එක්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here