මෙරට උද්ධමනය සියයට 74ක් දක්වා ඉහල යයි

0
68

ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 74 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ වාර්තාවකින් පෙන්වා දෙනවා.

රුපියල පා කර හැරීම උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි මහාචාර්ය ස්ටීව් හැන්කි එමගින් පෙන්වා දෙන්නේ.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල්වල ආර්ථික සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කර තිබෙනවා.

මාර්තු මස ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ සියයට 18.7 ක් වූ ශ්‍රී ලංකාවේ නිල උද්ධමන ප්‍රතිශතය මෙන් හැන්කි ගේ උද්ධමනය තුන් ගුණයකටත් වඩා වැඩිය.

ඉදිරි මාස තුන තුළ නිල උද්ධමනය සියයට 28 ක් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේ‍්‍රල් 8 වැනිදා පුරෝකථනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here