පාර්ලිමේන්තු පිවිසුම අසලදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප – අරගලකරුවන් වෙනුවෙන් නීතීඥවරු 150 ක් අධිකරණයට

0
75

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල පැවති විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණියන් 3 දෙනා ඇතුළු 14 දෙනා පෞද්ගලික ඇප මත මුදාහැරුණා.

ඒ ඔවුන් ඊයේ රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥවරුන් 150 ක් පමණ සහභාගී වී සිටීම ද විශේෂත්වයක්.

සැකකරුවන්ට ජූනි මස 21 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මේ අතර, අද සහ හෙට දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ලබා දෙන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here