දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන්

0
78

මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේදී ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත් ම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඊයේ (ජූලි 3) සමත් වුණා.

ඔහු එම වාර්තාව තැබුවේ ස්විට්සර්ලන්තයේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 ඉසව්ව තත්පර 9යි දශම 96කින් අවසන් කරමින්.

ඒ සමගම යුපුන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා යළි අලුත් කිරීමට ද සමත් වනවා.

දකුණු ආසියානු ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් අවසන් කළ පළමු අවස්ථාව ද මෙයයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here