ගාලු මුවදොර අරගල භූමියට මොකද වෙන්නේ

0
40

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කළ බව ප්‍රවීන රංගන ශිල්පී දමිතා අබේරත්න පවසනවා.

ගාලු මුවදොර අරගල භූමිය ඉදිරිපිට ඊයේ පැවති විරෝධතාවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

මේ අතර නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව අද දිනය වන තෙක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වලකින බව අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා පසුගියදා ප්‍රතිඥාවක් ලබාදුන්නා.

අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම සහ බෝගවගාවන් පසුගිය සිකුරාදා පස්වරු පහට පෙර ඉවත්කරගන්නා ලෙසට පොලිසිය විසින් කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ තිබූ පෙත්සමක් එදින විභාගයට ගත් අවස්ථාවේදියි නීතිපතිවරයා මෙම ප්‍රතිඥාව ලබාදී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here