ජනපති රනිල්ගේ මංගල අයවැය අද මැතිසබයට

0
54

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා අයවැය කතාව කියවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද සවස 1.00ට පමණ.

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.

නව සංශෝධන පනත් කෙටුම්පත අනුව රජයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි හතළිස් හත් දහසකින් පමණ වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here