අරගලකරුවන් සමූහාණ්ඩු මන්දිරය අල්ලාගනී – පිහිනුම් තටාකයටත් පැන දියබුන් ගසයි (VIDEO)

0
55

ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර්ගේ අනුගාමිකයන් එරට ආණ්ඩුවේ මූලස්ථානය වන සමූහාණ්ඩු මන්දිරයට කඩාවැදී එහි පිහිනුම් තටාකයේ පිහිනන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශපාලන බලවතකු සහ විශාල අනුගාමිකයන් පිරිසක් සිටින අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග මෙම උද්ඝෝෂණ උත්සන්න වුණා.

ඉරාක රජය එරට වෙලාවෙන් ඊයේ රාත්‍රී 7.00 සිට​ එරටට බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා..

ඉරාකයේ පවතින තත්තවයක් සමඟ බැග්ඩෑඩ් හී පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරී හෙලිකොප්ටර් මාර්ගයෙන් ඉවත් කරගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here