ගංවතුර තත්ත්වයක්.අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කරයි

0
43

අද සිට ඉදිරි දින දෙකකට අදාළ වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇගවීමේ නිවේදනයේ දැක්වෙන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි.

එමෙන්ම පහළ වායුගෝලීය කැලඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතිනවා.

එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින්බා බවයි කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලාසිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here