නෙළුම් කුළුණේ විදිය හැකි අත්දැකීම් මෙන්න

0
44

ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතයි.

ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්.

නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේදී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කරනවා.

ලොව ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සදහන් කළා.

ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කර ඇත.එයින් ආයෝජකයන් 22ක් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටියි. දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වන විටිත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

රටේ ජනතාවගේ ඉල්ලීමට සරිලන අයුරින් නව තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ තෝතැන්නක් බවට නෙළුම් කුළුණේ මෙහෙයුම් සන්නද්ධ කර ඇති අතර එයට අක්කර 10.5ක භූමි භාගයක් අයත්.

ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකියි.

ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැක.අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය.

රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම ලබාගත හැක. ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක්ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කරයි.

‍මෙහි පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වේ.

ඩිජිටල් සිනමා ශාලාවක්ද මෙහි ඇත. ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලිපදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන ඇත.

මෙහි තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත වේ. එහි 400කට පමණ එකවර පහසුකම් සලසා ඇත. විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙනවා.

පොහොට්ටුවේ හැඩයේ පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතියි. ඉන් ඉහළ මහළ කැරකෙන අවහලකින් සමන්විතයි.

ඉහළම නැරඹුම් මැදිරියේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතියි.

ශ්‍රී ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුළුණ සතු වේ.එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය කර ඇත.

මේ සියලුම අත්දැකීම් ලබන 15 වනදායින් පසුව ජනතාවට විවෘත කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here