ගාල්ලට අලුත් අත්දැකීමක් සමගින් මෙවරත් Galle Food Festival 2022

0
68

ගාල්ල දිස්ත්‍රික්කයට අලුත් අත්දැකීමක් එක්කරමින් මෙවරත් Galle Food Festival 2022 අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම් කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 17 හා 18 යන දෙදින ගාලු කොටුව උසාවි චතුරශ්‍රයේදී මෙවර Galle Food Festival 2022 පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන Galle Food Festival 2022 සැප්තැම්බර් 17 හා 18 යන දෙදින පස්වරු 03 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එම දින දෙකෙහි විවිධ වර්ගයේ ආහාරවල රස විදීමට එහි පැමිණෙන ඔබට අවස්ථාව හිමිවන අතර සංගීත රසාස්වාදය ලබා ගැනීමටද අවස්ථාව හිමිවනවා.

3SIXTY හා LEGATO සංගීත කණ්ඩායම් එම දින දෙකෙහි සංගීතය සපයන අතර ෆැලන් ඇන්ඩ්‍රියා, මිහිදු ආරියරත්න, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතයි.

මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පීන්ද මෙවර Galle Food Festival 2022 වර්ණවත් කිරීමට පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here