ගල් අගුරු නැති වුණොත් රටේ බලාගාර 03ම වහන්න වෙනවා – විදුලි කප්පාදුව පැය 10යි

0
15

රටේ විදුලි ජනනය සඳහා අද හෙටම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 08 ක හෝ 10 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙට්‍රික්ටොන් 250,000 ක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප්‍රමාණවත් බව කී ජනක රත්නායක නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙට්‍රික්ටොන් 5000 ක් පමණ අවශ්‍ය බවද සඳහන් කළා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සදහන් කළේ,

“28 වනදා වෙනකම් අපිට ගල්අඟුරු සංචිත තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ..28න් පස්සේ අපිට ගල්අඟුරු නැති වුණොත් මේ බලාගාර 03ම වහන්න වෙනවා. මෙගාවොට් 820ක් විතර නැති වෙනවා. පැය 8ක 10ක විදුලි කප්පාදුවකට යන්න වෙනවා. අපිට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය අද හෝ හෙට ඇනවුම් නොකළොත්. දින 5කට සැරයක් අපිට ගල්අඟුරු නැවක් ළඟාවිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here