තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නත් වලියක් දාගෙන

0
49

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටම සහ වෙන වෙනම ක්‍රීඩකයින්ටත් එවැනි ආරාධනා 20කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබු බව ආරංචිමාර්ග සදහන් කරනවා.

කෙසේවෙතත් කළමනාකාරිත්වයේ අවසර හිමිව ඇත්තේ ඉන් හයකට සහභාගී වීම සදහා පමණයි.

කනගාටුවට කරුණක් ලෙස වාර්තා වන්නේ බහුතරයක් ක්‍රීඩකයින් සීමාවද ඉක්මවා කටයුතු කර තිබුනේ කණ්ඩායම් කළමනාකරුගේ ඇස්වලටත් වැලි ගසමින් වීම නිසයි.

පැවති කාර්ය බහුල තරග කාල සටහන නිසාම පුහුණුවීම් පවා අහිමිකරගත් ක්‍රීඩකයින් සිය පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සිය කාලය වෙන් කිරීම පිළිබඳව කණ්ඩායම් කළමනාකරුගේ අවධානය යොමු නොවීමත් විමතියට කාරණයක්.

ඉන් එක් අවස්ථාවකදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න විසින් සිඩ්නි නුවර කැසිනෝ ශාලාවකදී ඇති කරගත් ගැටුමක් පිළිබඳවත් මේ වනවිට සමාජයේ කතාබහට ලක්වනවා.

එහිදී එම තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා මැදිහත් වී ඇත්තේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවත් වාර්තා අවනවා.

එමෙන්ම බහුතරයක් ක්‍රීඩකයින් එවැනි සාද වලට ගොස් යලි තමන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැමිණ ඇත්තේද නියමිත කාලය ඉක්මවා ගොස් බවද ආරංචි මාර්ග සනාත කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මෙවැනි විනය විරෝධී හැසිරීම් පිළිබඳව විටින් විට වාර්තා වුණා.

නමුත් කනගාටුවට කරුණ වුනේ ක්‍රිකට් බලධාරීන් සහ මෙරට ක්‍රීඩාව කරවන ඇත්තන් එම මාධ්‍ය වාර්තා විවේචනය කළා මිස ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමයි.

මේ හේතුව නිසාම අද දිනයේත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත්ව අවසන්.

Join WhatsApp – https://bit.ly/3nf9edB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here