ටැන්සානියාවේ ගුවන් අනතුරකින් 19 දෙනෙක් ජීවිතක්ෂයට

0
34

ටැන්සානියානු මගී ගුවන් යානයක් බුකෝබා නගරයට ගොඩබෑමට තැත් කිරීමේදී ඒ අසල ඇති වික්ටෝරියා විලට කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ගුවන් අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.

ගුවන් යානයේ 43 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 23 දෙනෙකු දිවි බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුකෝබා ගුවන් තොටුපළ ධාවන පථයේ කෙළවර වෙරළ ආසන්නයේදී මෙම යානය කඩා වැටී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here