ඉන්දියාවේ අදානිට අයිති කොළඹ වරායේ ඇති බුදලේ, වැඩ අරබයි

0
42

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක වනවා.

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය පුද්ගලික සමාගම ලෙස ස්ථාපිත කොට ඇති මෙහි 51%ක කොටස් අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගමටයි.

ඊට අමතරව ජෝන් කීල්ස් ඉදිකිරීම් පුද්ගලික සමාගමට 34%ක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක කොටස් අයිතිය හිමියි.

ඉදිකිරීම් අවසන් වූ පසු මීටර් 20ක පර්යන්ත අද්දර ගැඹුරකින් සමන්විත මෙම පර්යන්තය හෙක්ටයාර් 65ක වපසරියකින් යුක්තයි.
මෙහි වාර්ෂික මෙහෙයුම් ධාරිතාව බහාලුම් මිලියන 3ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරුණේ වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහි පළමු අදියර 2024 වසරේ අප්‍රේල් 3 වැනිදා වන විට අවසන් කිරීමට නියමිත අතර එම කොටස මීටර් 800ක දිගකින් සමන්විතයි.
දෙවන අදියර වන මීටර් 1,400ක කොටසේ ඉදිකිරීම් 2026 වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here