මෙටා සමාගමෙත් සේවක කප්පාදුවක්

0
28

මේටා සමාගම සියයට 13% සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මෙම මේටා සමාගමට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල අයත් වනවා.

ඉතිහාසය තුළ ගත් අසීරුතම තීරණය මෙය බවයි සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ.

මේ තීරණය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ලෝකය පුරාම මේටා සමාගම සේවකයින් 87,000ක් පමණ වන අතර මෙම තීරණයත් සමඟ සේවකයින් 11,000කට පමණ රැකියා අහිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මාර්ක් සකර්බර්ග් දැක්වූ අදහස් :

“අද මම බෙදාගන්නේ මෙටා ඉතිහාසයේ අප විසින් සිදු කරන ලද වඩාත්ම දුෂ්කර වෙනස්කම් කිහිපයක්.අපගේ කණ්ඩායමේ ප්‍රමාණය 13% කින් පමණ අඩු කිරීමට සහ අපගේ දක්ෂ සේවකයින් 11,000 කට වැඩි පිරිසකට යාමට ඉඩ දීමට මම තීරණය කළෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here