IMF යන බංග්ලාදේශය

0
41

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බංග්ලාදේශය සඳහා ඩොලර් බිලියන 4.5 ක ආධාර වැඩසටහනක් සඳහා තාවකාලික එකඟතාවකට එළැඹ තිබෙනවා.

එම අරමුදල සඳහන් කළේ මෙය මෙම වර්ෂය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට එළැඹි මාස 42 ක කාලයක් සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් බවයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙම වර්ෂය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹි 03 වන දකුණු ආසියාතික රට බවට බංග්ලාදේශය පත්වනු ඇති.

මීට පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්තානයද මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීම සඳහා මෙවැනිම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවන්ට එළැඹුණා.

ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම තම ආර්ථිකයටද යම් ප්‍රමාණයකට බලපා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ මුදල් අමාත්‍ය මුස්තාෆා කමල් සඳහන් කළේ. පවතින ආර්ථික අස්ථාවරත්වය අර්බුදයක් දක්වා වර්ධනය නොවීමට පූර්ව ආරක්ෂාවක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තමන් ණය පහසුකමක් ඉල්ලා සිටි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here