T – 20 අවසන් මහා සටන අද

0
41

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය එංගලන්තය සහ පාකිස්තානය අතර අද මෙල්බර්න් හිදී පැවැත්වෙනවා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවටයි එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කළේ.

එලෙස තරඟයට බාධා එල්ල වුවහොත් හෙට දිනයේ තරඟය පැවැත්වෙන අතර, ඊටද වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් කණ්ඩායම් දෙකටම සම ශූරතාවය හිමිවනු ඇති.

1992 වර්ෂයේ එක්දින ලෝක ශූරතාවය සඳහා එංගලන්තය සහ පාකිස්තානය මීට පෙර තරඟ කර ඇති අතර, එහිදී පාකිස්තානය එක්දින ලෝක ශූරතාවය දිනාගත්තේ හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here