2022කේ T – 20 ලෝක ක්‍රිකට් කිරුළ එංගලන්තය දිනාගනී

0
24

විස්සයි 20 ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා.

අවසන් මහා තරගයේ දී කඩුලු පහකින් ඔවුන් අතින් පරාජයට පත්වූයේ පාකිස්ථානු කණ්ඩායමයි. මෙල්බන් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීම පාකිස්ථාන කණ්ඩායමට භාර කලා.

පාකිස්ථානු කණ්ඩායම ලකුණු 137කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් කටයුතු කල.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සැම් කරන් පන්දුවාර 4 ක දී ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තේය. අදිල් රෂීඩ් පන්දුවාර 4ක දී ලකුණු 22කට කඩුලු 2ක් සහ චාල්ස් ජෝඩන් ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 138ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනෙකුම පන්දුවාර 6ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්ථාන පන්දු යවන්නෝ සමත් වුවත් එංගලන්තය එම පන්දුවාර හයට ලකුණු 49ක් ලබාගත්තා.

මුල්පෙල පිතිකරුවන් අතර සාර්ථක වූ නායක ජොස් බට්ලර් පන්දු 17ක දී ලකුණු 26ක් ලබාගත් අතර බෙන් ස්ටොක් එංගලන්ත පිලේ ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් පන්දු හතළිත් නවයක දී ලකුණු 52 ලබා ගත්තා.

පාකිස්ථානය 137/8 (20)

එංගලන්තය 138/5 ( 19)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here