අර්ජුනට වැඩ වරදී – තිලංගට මිලියන 25ක් ගෙවන්න නියග කරයි

0
48

මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළා.

ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණසේකර යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ පැමිණීලිකාර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා 2017 වසරේ දී කරනු ලැබු පැමිණීල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වා පසුගිය 2003 වසරේ දී තමන්ට අපහාස සිදු වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි පවසමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා 2017 වසරේ දී ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ පවරා තිබූ පැමිණිල්ලකට අදාළව මෙලෙස නියෝග කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර පහකට පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විත්තිකාර අර්ජුන රණතුංග මහතාට නියෝග කර තිබුණේ පැමිණීලිකාර තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් මිලියන විසිපහක වන්දි මුදලක් ගෙවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here