රැකියා සඳහා ඔමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියකට ඇප

0
19

රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආශා දිසානායක නමැති එම සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කළා.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසයි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඕමානයේ භාෂා පරිවර්තිකාවක් වශයෙන් පමණක් සේවය කර ඇති බවත් ඇය මෙම අපරාධ කටයුතුවල සම්බන්ධ වී නොමැති බවත් කියා සිටියා..

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් වසන් කිරීම සඳහා තම සේවාදායකයාව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇති බවත් ඔහු චෝදනා කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාරිය රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

අනතුරුව පැමිණිල්ල දෙසැම්බර් මස 01 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here