එච්.අයි.වී. වෛරසය ආසාදනය වී නොමැති එහෙත් අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින්ට ඒ සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමට සූදානම්

0
225

එච්.අයි.වී. වෛරසය ආසාදනය වී නොමැති එහෙත් අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින්ට ඒ සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමට සූදානම් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියා සිටියේ වෛරසය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ දත්ත වලට අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයින් 3700ක් පමණ වාර්තා වනවා.

එහෙත් ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ 2600ක පමණ පිරිසක් පමණයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 363ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඊට පිළියමක් ලෙස ස්වයං එච්.අයි.වී. පරීක්ෂණ කට්ටල නොමිළේ ලබාදීමට ද වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here