යොහානි බ්‍රැන්ඩික්ස් සමග අතිනත ගත් වගයි

0
81

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර සංගීත වේදිකාවට ගෙන ගිය යොහානි ද සිල්වා බ්‍රැන්ඩික්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක 60,000 කට අධික සාමාජික-සාමාජිකාවන් පිරිසකගෙන් සමන්විත බ්‍රැන්ඩික්ස් හා දිරියෙන් සහ කැපවීමෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානී, මනා සුසංයෝගයක් ලෙස හැඳින්විය හැකියි.

“සන්නාම තානාපති ලෙස බ්‍රැන්ඩික්ස් පවුලට එක්වීමට ලැබීම මට මහත් සතුටක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම ඉටුකරන මෙහෙවර සම්බන්ධයෙන්, කලාකාරියක ලෙස මා සැබැවින්ම ආඩම්බර වෙනවා. බ්‍රැන්ඩික්ස් පවුලේ කාගේත් ඉලක්කය වන්නේ තම හැකියා වැඩිදියුණු කරගනිමින් ජයග්‍රහණය වෙත ළඟා වීමයි. මෙරට ආර්ථිකයේ ප්‍රගමනයට නොමඳ දායකත්වයක් ලබාදෙන බ්‍රැන්ඩික්ස් සමාගම සමග එක් වී ‘පිබිදුණු විසඳුම්’ ලොවට තිළිණ කිරීමට මා බලා සිටින්නේ ඉමහත් උනන්දුවෙන්.” යොහානි පැවසුවා.

බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්.

එහි පරමාර්ථය ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ වේ.

වසර 50 කට අධික කාලයක් තිස්සේ ලොව සුප්‍රකට වෙළඳ නාම රාශියකට ඇඟලුම් විසඳුම් පිරිනමා ඇති බ්‍රැන්ඩික්ස්, රටවල් 9 ක 60,000 කට අධික පිරිසක් සේවයේ යොදවා තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.brandix.com වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here